ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (26) එළිදැක්වීමට පියවර ගත්තේය.
එය නම් කර ඇත්තේ "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යනුවෙනි.
එමගින් ඔවුන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා ඇති අතර, එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විද්‍යාව හා තාක්ෂණය සඳහා වැඩි ඉඩක් ලබා දී ඇත.
රට තුළින් සොයාගත හැකි ස්වාභාවික සම්පත්, වෘත්තිය හා පුහුණු ශ්‍රම සම්පත්, ඛනිජ සම්පත්, තොරතුරු හා මෘදුකාංග තාක්ෂණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්ම, සාගර සම්පත් මෙන්ම නිර්මාණශීලි කර්මාන්ත වැනි කේෂ්ත්‍රයන් කෙරෙහි එහි අවධානය යොමුකර ඇත.
නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් කිරීමේ සිට ප්‍රතිලාභ බෙදීයාම දක්වා වූ ක්‍රියාවලියේදී සියලු ජාතිකයන්ට එහි කොටස්කරුවන් කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන කොටස් 4ක් යටතේ නිර්මාණය කර ඇත. එහි පිටු 230ක් අඩංගුය.
188 Views
Comments