පාස්කු ප්‍රහාරයේ අදාලව විශේෂ පුද්ගලයින් ගැනත් අවධානය

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ථ ප්‍රහාරයට අදාලව සිදුකරන විමර්ශනවලදී හෙළිවන විශේෂ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනත් කණ්ඩායමක් පත්කර ඇති බව නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද ප්‍රකාශ කළේය.
ඒ පොලිස් මූලස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය හමුවකදීයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 153 දෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසුවන බව ඔහු පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු කාන්තාවන් 07ක් ඇතුළු සැකකරුවන් 216 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
696 Views
Comments