විශ්ව විද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා විසදීම සදහා කමිටුවක් පත් කරනවා - අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
10

විශ්ව විද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා විසදීම සදහා කමිටුවක් පත් කරනවා - අගමැති

විශ්ව විද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා  විසදීම සදහා කමිටුවක් පත් කරනවා - අගමැති

විශ්ව විද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර විසදුම් ලබා දෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා 

 


අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවෙ  විශ්ව විද්‍යාල වෘත්තීය සමිති හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (2020.01.09) අරලිය ගහ මන්දිරයේ පැවැති හමුවකදීය.

 


මෙහිදී විශ්ව විද්‍යල අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණඩලවලට අදාල  වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡුා කළ අතර වැටුප් විෂමතා පිළිබද පූර්ණ අධ්‍යයනයක් කර විධිමත් ක‍්‍රමවේදයක් නිර්දේ කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන් අතර එහිදී තීරණය කෙරුනේ මේ සදහා කමිටුවක් පත්කර කමිටුව මගින් තීරණ ලබා ගැනීමටයි.

 


මෙම හමුව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් අමාත්‍යංශ එස්.ආර්.ලේකම් ආටිගල මහතා.

 

මහාචාර්ය සම්පත් අමරතුංග, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂමේ සභාපති සහ වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගි වූහ.

 

views

732 Views

Comments

arrow-up