කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්තවෙයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම ආරියදාස මහතා වියතෙකු ද වනවා.
ඒ නිසාම ඒ මහතා “ඇවිදින පුස්තකාලය” යන නමින්ද හඳුන්වනු ලැබුවා.
පසුගිය දෙසැම්බර් 3 වැනි දිනට 99 වැනි වියට එළඹුණූ ආරියදාස මහතා සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ට ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ අයෙක්.
එඩ්වින් ආරියදාස මහතා විචාර ලිපි ගණනාවක් ද රචනා කර තිබෙනවා. 'ලෝක ඉතිහාසය', ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් 'විමුක්ති ප‍්‍රකාශ' ඇතුළු කෘති කිහිපයක් ම එතුමාගේ පළ කිරීම් වනවා.
ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකරගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හෙඹවූවා.
ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇති.
630 Views
Comments