සජිත් පිල කෘත්‍යාධිකාරී මණ්ඩලය වර්ජනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

සජිත් පිල කෘත්‍යාධිකාරී මණ්ඩලය වර්ජනය කරයි

සජිත් පිල කෘත්‍යාධිකාරී මණ්ඩලය වර්ජනය කරයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, රෝසි සේනානායක සහ ඉම්තියාස් බාකීර් මාකර් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

 

 

තමන්ට මේ දක්වා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සඳහා ඇරයුම් ලැබී නැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා සහ හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර් සඳහන් කර සිටින්නේ.

 


එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (30) පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

 


මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අද පැවත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගී නොවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ඔහුට් සහය දක්වන මන්ත්‍රිවරුන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා.

views

641 Views

Comments

arrow-up