පාසල්වල ශ්‍රේණි තුනක් අද ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

පාසල්වල ශ්‍රේණි තුනක් අද ඇරඹේ

පාසල්වල ශ්‍රේණි තුනක් අද ඇරඹේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් අද (06) සිට යළි ආරම්භ කෙරෙයි.

 

එහිදී පාසල් වෙත කැඳවනු ලබන්නේ 13,11 සහ 5 ශ්‍රේණිවල සිසු දරුවන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

 

අද පාසල් ආරම්භ වන 13 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකරන අතර පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිතය.

 

එළඹෙන ජූලි මස 20 වැනිදා සිට 12 සහ 10 ශ්‍රේණි සිසුන් සඳහා පමණක් එම අදියරේ පාසල් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර 3,4,6,7,8 සහ 9 යන ශ්‍රේණිවල දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරෙනුයේ ජූලි මස 27 වැනිදාය.

 

පාසල් යළි විවෘත කිරීමේ අවසන් අදියර යටතේ 1 සහ 2 ශ්‍රේණිවල සිසුන් සඳහා එළඹෙන අගෝස්තු මස 10 වැනිදා පාසල් ආරම්භ වනු ඇත.

 

මෙලෙස පාසල් එන දරුවන් සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් මාලාවක් ඉදිරිපත් කර තිබේ.

 

views

730 Views

Comments

arrow-up