සරසවි වරම් ලැබූ හැමෝටම ලැප්ටොප් ණයක්

මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් හතළිස්දහසටම ණය ව්‍යාපෘතියක් යටතේ ලැප්ටොප් පරිගණක ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.
රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව ලැප්ටොප් මිලට ගැනීමට පහසුකම් සැලසෙන අතර උපාධිය අවසන් වන තෙක් සිසුන්ට ගෙවීමට සිදු වන්නේ මාසික පොලී වාරිකය පමණි. මූලික මුදල ගෙවීමට සිදුවන්නේ උපාධිය ලබාගැනීමෙන් පසුවය.
මෙම ක්‍රමවේදය සඳහා රාජ්‍ය බැංකුවක් ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග එකඟතාව පළ කර තිබෙන අතර ණය ව්‍යාපෘති වෙනුවෙන් ඉතාම අඩු පොලී අනුපාතයක් අය කිරීමට ද එම බැංකුව එකඟ වී ඇත.
ලැප්ටොප් සැපයීම සඳහා කොන්දේසි කිහිපයක් යටතේ ආයතන තෝරා ගැනීම ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සිදු කෙරෙන නමුත් සිසුන්ට අවශ්‍ය ආයතනයකින් ලැප්ටොප් මිලට ගැනීමට පහසුකම් සැලසේ.
668 Views
Comments