මැතිවරණ පැමිණිලි 1000 පනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

මැතිවරණ පැමිණිලි 1000 පනී

මැතිවරණ පැමිණිලි 1000 පනී

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.


ප්‍රචණ්ඩක්‍රියා, රාජ්‍ය දේපොල පරිහරණය, නීති විරෝධි ලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී තිබෙනවා.


මේ අතර පොලීසිය පවසන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.


එමෙන්ම මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 94 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.


එමෙන්ම මහ මැතිවරණයේ නීති විරෝධි පෝස්ටර්, කටවුට් සහ දැන්වීම් ඉවත් කිරීම සඳහා පොලීසිය වෙත රුපියල් ලක්ෂ 758 ක මුදල් ප්‍රතිපාදන හිමිව තිබෙනවා.

 

views

677 Views

Comments

arrow-up