ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල සැදැහැවතුන්ගේ පැමිණීම අත්හිටුවයි - හැදුනුම්පත අනිවාර්යයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල සැදැහැවතුන්ගේ පැමිණීම අත්හිටුවයි - හැදුනුම්පත අනිවාර්යයි

ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල සැදැහැවතුන්ගේ පැමිණීම අත්හිටුවයි - හැදුනුම්පත අනිවාර්යයි

මාධ්‍ය නිවේදනයයි. Press release. 2020.10.24.

 

 

ශ්‍රී ලංකාව තුළ මේ වන විට නැවත වරක් පැතිර යමින් පවතින ‘කොවිඞ් - 19’ වෛරස තත්ත්වය පදනම් කොටගෙන, ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා දෛනිකව පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කරනු පිණිසත්, චිරාගත සාම්ප්‍රදායිකව පැවත එන දළදා පූජෝපහාර තේවා වත්පිළිවෙත් නොකඩ කොට පවත්වාගෙන යෑම පිණිසත්, පැමිණෙන සියලූ සැදැහැවතුන් පිළිබඳ විස්තර තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් රැගෙන ඒම අනිවාර්ය කොට ඇත. එසේම මාළිගා පරිශ්‍රයට ඇතුළත් වීමේදී මුව ආවරණ පළඳා, දෑත් සෝදා, ශරීර උෂ්ණත්වය පරීක්ෂාකිරීමාදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඇතුළත් කර ගැනීම සිදු වේ. ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම මෙහි පැමිණෙන අනෙකුත් සැදැහැවතුන්ගේ ද සුරක්ෂාව පතා, ‘කොවිඞ් - 19’ වෛරස තත්ත්වය හේතුවෙන් මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි වෙසෙන පිරිස් සහ ඒ අයගේ ආශ්‍රිත පිරිස් ශ්‍රී දළදා මාලිගාවට ඇතුළත් කර ගැනීම දැනට නවතා ඇත. ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් කොරෝනා උවදුරින් පීඩාවට පත්ව සිටින ලංකාවාසී හා ලෝකවාසී සැමට නිදුක් නීරෝගී සුවපත්භාවය ලැබී, මෙම වසංගත තත්ත්වය ඉතා ඉක්මණින් තුරන් වේවායි ප්‍රාර්ථනා කරමි.

 

 

ප්‍රදීප් නිලංග දෑල, දියවඩන නිලමේ, ශ්‍රී දළදා මාලිගාව.

 

 

views

974 Views

Comments

arrow-up