මගේ චරිතය රඟපාන්න එපා – මුරලි සේදුපතිගෙන් ඉල්ලයි

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන මතකයක් වූ මුත්තයියා මුරලිදරන් ගේ චරිතාපදානය මුල් කර ගනිමින් ඉන්දීය ජනප්‍රිය නළු විජේ සේදුපති රංගනයෙන් දායක වීමට නියමිත 800 චිත්‍රපටයට රංගනයෙන් දායක නොවන ලෙස මුත්තයියා මුරලිදරන් ලිපියක් යොමු කරමින් විජේ සේදුපතිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම ලිපියෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාගේ කතාව මුල් කරගනිමින් නිෂ්පාදනය කිරීමට නියමිත චිත්‍රපටය හේතුවෙන් සුප්‍රකට නළු සේදුපති ගේ චරිතය ඝාතනය වීම තමා කිසි ලෙසක ප්‍රිය නොකරන බවයි.
කෙසේ වෙතත් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් නන් විධ ලෙසින් සහය දැක්වූ සියලු දෙනාට ස්තූති කරන බවද මුත්තයියා මුරලිදරන් සඳහන් කරනවා .
විජේ සේදුපති මෙම චරිතයට රංගනයෙන් දායක වීම සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ ප්‍රේක්ෂකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම ලිපිය මාධ්‍ය වෙත නිකුත් වීමට පෙර විජේ සේදුපති කෙතරම් විවේචන එල්ල වුවද තමා මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වන බව ප්‍රකාශ කළ බවයි.
785 Views
Comments