DEC
26
හොරෙන් තඹ කම්බි කපන්න ගිය අයෙක් අවසන් ගමන් යයි

අම්පාර නගරයේ කාර්මික ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලයට අයත් ට්‍රාන්ස්පෝමරයක තඹ කම්බි කැපීමට ගිය පුද්ගලයෙක් විදුලි සැර වැදී මියගොස් තිබේ.
අද (26) පාන්දර 2ට පමණ මෙම සිදුවීම සිදුව ඇත.
තඹ කම්බි කැපීමට ගිය පුද්ගලයා විදුලි කණුවේ ඇලී සිටි අතර, පසුව නගරයේ විදුලිය විසන්ධිකර ඔහුගේ සිරුර බිමට බෑමට පොලීසිය කටයුතු කර තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පුද්ගලයෙකි.
අම්පාර මුලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
179 Views
Comments