ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලංකා සාමසාධක සෙබලුන් දෙදෙනෙක් තුවාල ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලංකා සාමසාධක සෙබලුන් දෙදෙනෙක් තුවාල ලබයි

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලංකා සාමසාධක සෙබලුන් දෙදෙනෙක් තුවාල ලබයි

ලෙබනනයේ සාමසාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ඊශ්‍රායල කාලතුවක්කු ප්‍රහාරයක් හේතුවෙන් සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ස්ථානගතවී සිටින දකුණු ලෙබනනයේ නකොවූරා නම් ප්‍රදේශයට එම ප්‍රහාරය එල්ලවී තිබුණි.

 

සාමසාධක හමුදා භටයින් සිටි නිරීක්ෂණ කුලුනකට කාලතුවක්කු ප්‍රහාරය එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


දකුණු ලෙබනනයේ මේ වනවිට එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් 10,000ක් පමණ සේවයේ යෙදී සිටිති.

views

193 Views

Comments

arrow-up