නුවරඑළිය හෝටලයකින් ගෝන අංතට්ටු 18ක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

නුවරඑළිය හෝටලයකින් ගෝන අංතට්ටු 18ක් හමුවෙයි

නුවරඑළිය හෝටලයකින් ගෝන අංතට්ටු 18ක් හමුවෙයි

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ප්‍රදර්ශනය කර තිබු සත්ව කොටස් ගණනාවක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විජේසේකර මහතා පැවසිය.

 

නුවරඑලිය පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත නුවරඑලිය පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් අදාල සංචාරක නිකේතනය පරික්ෂා කර අදාල සත්ව කොටස් සොයාගෙන ඒ පිලිබදව නිතිමය පියවර ගැනිම සදහා සත්ව කොටස් නුවරඑලිය වනජිවි කාර්යයාලය වෙත ලබාදුන් බව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා පැවසිය.

 

ගෝන අං තට්ටු 18 ක් , ගෝන කකුල් දෙකක් ,මි හරක් අං තට්ටු දෙකක් ,මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමණයක් , පිඹුරු හැවක් සහ සමනල්ලුන් කුටි විශාල ප්‍රමාණයක් තිබි (10) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

 

සත්ව කොටස් සමග එම සංචාරක නිකේතනයේ කලමණාකාරු අත්අඩංගුවට ගත් බවත්, සැකකරු නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් විසින් (11) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 

views

817 Views

Comments

arrow-up