UPDATE : වෛද්‍යවරයෙකු ලෙස සැරසී ජාතික රෝහලේ වැටුප් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහලේ මුල්‍ය අංශයේ කාර්යාලයක තිබුණු මුදල් පැහැරගෙන පළා ගිය පුද්ගලයෙකු කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෛද්‍යවරයෙකු ලෙස හැඟවෙන ආකාරයේ ඇඳුමින් සැරසී ජාතික රෝහලේ මුල්‍ය අංශයේ වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා ගෙවීම් සිදුකරනු ලබන කාර්යාලය වෙත පැමිණ ඇති එම සැකකරු කාර්යාලයේ සිටි සේවකයෙකුගේ හිසට ගිනි අවියක් එල්ල කොට බලහත්කාරයෙන් මුදල් දමා තිබු සේප්පුව විවෘත කොට එහි තිබු මුදල් අඩංගු මල්ලද රැගෙන පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මුදල් මංකොල්ලකා පළා යන සැකකරු පසුපස රෝහල් සේවකයින් හඹා ගොස් ඇති අතර ඔහුද හොරෙක් හොරෙක් යැයි කෑගසමින් දිව ගොස් එම පිරිසෙන් පළා ගොස් සිටියදී කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.
1020 Views
Comments