ළිඳකට වැටී 15 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

ළිඳකට වැටී 15 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

ළිඳකට වැටී 15 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

ළිඳකට වැටී 15 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

කින්නියා පොලිස් වසමේ විදුහලක ඉගෙනුම ලැබූ සිදුවෙකු ඊයේ (02) පාසල අසල ළිඳකට වැටී ඇත.

 

එම දරුවා පාසල අසල ඇති ළිඳට දියනෑමට ගිය අවස්ථාවේදී එම ළිඳට වැටී ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

 

ළිඳට වැටී සිටි පාසල් සිසුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

මිය ගිය සිසුවා මොහොමදිය නගරු, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලට රැගෙන ගොස් ඇති අතර කින්නියා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

89 Views

Comments

arrow-up