කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අලුත් වාර්තාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අලුත් වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අලුත් වාර්තාවක්

ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ (18) දිනයේ දී රු. ට්‍රිලියන 6 සීමාව ඉක්මවා ගොස් තිබේ.

 

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 6.04 ක් හෙවත් රු. බිලියන 6,045.33 ක් ලෙසින් සටහන් වුණි.

 

මේ අතර අද දිනයේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,457.20 ක් ලෙසින් සටහන් වුණි.

 

එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 118.71 ක ඉහළ යාමකි.

 

තවද S&P SL20 දර්ශකය ඒකක 63.51 කින් ඉහළ ගොස් එය ඒකක 4,618.45 ක් ලෙසින් වාර්තා විය.

 

මෙම දර්ශක අගයයන් දෙකම මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී තිබෙන ඉහළම දර්ශක වටිනාකම් වීමද විශේෂත්වයකි.

views

486 Views

Comments

arrow-up