බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් - ධීවර හා නාවුක කටයුතුවලදි අවධානයෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් - ධීවර හා නාවුක කටයුතුවලදි අවධානයෙන්

බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක්  - ධීවර හා නාවුක කටයුතුවලදි අවධානයෙන්

බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක. උතුර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමට හැකියාවක් පවතින අතර, මේ පිළිබඳව වල ධීවර හා නාවුක ප්‍රජාව ඉදිරි දිනවලදී දැනුවත් කරනු ඇත.

 

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

සෙසු මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක.

 

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සෙසු මුහුදු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එයි.

 

සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ. කොළඹ සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළු විය හැක.

 

කොළඹ සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

views

597 Views

Comments

arrow-up