ගිනිඅවිය පෙන්වා නිවස කොල්ලකෑමට ආ දෙදෙනාව නිවැසියන් පොලීසියට භාරදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

ගිනිඅවිය පෙන්වා නිවස කොල්ලකෑමට ආ දෙදෙනාව නිවැසියන් පොලීසියට භාරදෙයි

ගිනිඅවිය පෙන්වා නිවස කොල්ලකෑමට ආ දෙදෙනාව නිවැසියන් පොලීසියට භාරදෙයි

ගිනි අවියක් පෙන්වා නිවස කොල්ලකෑමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුව නිවැසියන් විසින් පහරදී පොලීසියට භාරදීමේ සිද්ධියක් දික්වෙල ප්‍රදේශයෙන් වාර්තාවේ. 

 

ඊයේ(25) රාත්‍රියේ කුලියාපිටිය දික්වෙල නිවසක මෙම සිද්ධිය සිදුවී තිබෙන අතර පොලීසිය පැවසුවේ  සැකකරුවන් සතුව විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් තිබූ බවයි.

 

මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 30ත් 43ත් වයස්වල පසුවන දියදොර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

 

කුලියාපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

502 Views

Comments

arrow-up