වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට වැසි හා ගිගුරුම් සහිත වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට වැසි හා ගිගුරුම් සහිත වැසි

වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට වැසි හා ගිගුරුම් සහිත වැසි

ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තුවේ.

 

උතුරු, නැගෙනහිර,උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

 

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.

 

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

සබරගමුව සහබස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

මෙම මුහුදු ප්‍රදේශයේ ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇති විය හැක.

 

සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

 

 

views

633 Views

Comments

arrow-up