වැලිකඩට කුඩු ගෙනගිය බළලෙකු අල්ලයි

කුඩු ජාවාරම සඳහා යොදා ගත් බලළෙකු කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, හෙරොයින් අඩංගු ඇසුරුමක් ගෙලෙහි ගැට ගසා මෙම බළලා බන්ධනාගාරයට තුළට යවා ඇති බවයි.
එම ඇසුරුමේ තිබී හෙරොයින් ග්‍රෑම් 1.7ක්, සිම් කාඩ්පත් 2ක් සහ Memory chip එක්ක ද සොයා ගෙන තිබේ.
මේ අතර පසුගිය දා හොරොයින් ජාවාරම් සඳහා යොදා ගත්බවට සැක කෙරෙන උකුස්සෙකු ද පොලිස් භාරයට ගැනිණ.
අංගොඩ ලොක්කා හොරොයින් ජාවාරම් සඳහා යොදා ගෙන ඇති බවට සැක කෙරුණු එම උකුස්සා සොයා ගැනුණේ, මීගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී ය.
865 Views
Comments