පොල් ගෙඩියක් සොරකම් කළාට ලක්ෂයක ශරීර ඇප

වත්තකට අයුතු ලෙස ඇතුළු වී පොල් ගෙඩියක් සොරා ගැනිමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ, මල්වතුහිරිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (19) නියම කළේය.
මල්වතුහිරිපිටිය, නීලමහර ප්‍රදේශයේ පදිංචි සැකකරුවකුට මෙසේ ඇප නියම කෙරිණි.
වතු හිමියා තමන්ගේ දරුවකුද සමගින් කිසියම් ගමනක් ගොස් නැවත නිවසට පැමිණීමේදී සැකකරු වත්තේ සිට දිවයන ආකාරය දැක තිබේ.
පසුව ඔහු අල්ලාගත් වතු හිමියා මල්වතුහිරිපිටිය පොලිසියට බාරදී තිබේ.
පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ.
නැවත මාර්තු මස 18 දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කළේය.
ලංකාදීප
715 Views
Comments