දිවයින පුරා අහස බරවේ - අකුණු වලින් ප්‍රවේසම් වන්න

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇති අතර උතුරු, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, සබරගමුව, මධ්‍යම, දකුණු, සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැක. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර හෝ ඊසාන දෙසින් හමා එයි.
සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මඳ වශයෙන් රළුවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
733 Views
Comments