නාකොටික් නිලධාරීන් 13 දෙනා 22වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

නාකොටික් නිලධාරීන් 13 දෙනා 22වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ්

නාකොටික් නිලධාරීන් 13 දෙනා 22වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබු හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ සේවය කළ නිලධාරීන් දහතුන් දෙනා තවදුරටත් ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

 

මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරිපිටය.

 

අදාළ පැමිණිල්ල අද(14) කැඳවනු ලැබූ අවස්ථාවේදී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින සැකකරුවන් දහතුන් දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

 

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් ලෙස එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බව අධිකරණය හමුවේ ප්‍රකාශ විය.

 

views

815 Views

Comments

arrow-up