ඉන්ධන මිල අඩු වීමත් සමඟ බස් ගාස්තුව දැනෙන ගාණකින් පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

ඉන්ධන මිල අඩු වීමත් සමඟ බස් ගාස්තුව දැනෙන ගාණකින් පහලට

ඉන්ධන මිල අඩු වීමත් සමඟ බස් ගාස්තුව දැනෙන ගාණකින් පහලට

ඉන්ධන ගාස්තු සංහෝධනයේ වාසිය ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට තීරණය කර තිබේ.

 

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවේ, ඊට අදාළ ගණනය කිරීම් ආරම්භ කර ඇති බවයි.

 

අද (01) දහවල් වන විට නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව, ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කළේ ය.



කෙසේ වෙතත්, ත්‍රිරෝද රථ ගාස්තු අඩු වීමක් සිදුනොවන බව, සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ හා රියදුරන්ගේ සංගමය පවසයි.



එහි සභාපති සුදිල් ජයරුක් මහතා සදහන් කළේ, පෙට්‍රල් මිල රුපියල් 300 ට වඩා අඩු වීමක් සිදුවන්නේ නම් පමණක් ගාස්තු අඩු කරන බවයි.

views

185 Views

Comments

arrow-up