මම හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ - හිටපු සෞඛ්‍ය ඇමති රාජිත

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කළේ නම් ශ්‍රී ලංකාව කොරෝනා අවදානමෙන් මුදවා ගන්නා බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජයට විද්‍යානුකූල වැඩපිළිවෙලක් නොමැති බවයි.
මෙම තත්ත්වය තුළ අදෘශ්‍යමාන ක්‍රියාකාරකම් සිදුවන ආකාරයක් නිරීක්ෂණය වන බව ද රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.
මේ අතර වසංගත තත්ත්වයකින් සමාජය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වැනි රටවල් අනුගමනය කළ යුතු විද්‍යානුකූල ක්‍රියාකාර්කම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද ඔහු රජයට යෝජනා කළා.
574 Views
Comments