‘‘නාම යෝජනා නොදීමට තරම් රන්ජන් වරදක් කර නැහැ''
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

‘‘නාම යෝජනා නොදීමට තරම් රන්ජන් වරදක් කර නැහැ''

‘‘නාම යෝජනා නොදීමට තරම් රන්ජන් වරදක් කර නැහැ''

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරදක් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) කොළඹදී පැවසුවාය.

කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේබව පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇප හිමිවීමත් සමඟ ඉදිරියේදී  ඒ මහතාගේ තවත් හඬපට පිටතට එනු ඇතැයිද ඇය කියා සිටියාය.

මන්ත්‍රීවරයාට නාමයෝජනා හිමිවනු ඇති බවද  ප්‍රේමචන්ද්‍ර මහත්මිය  පැවසුවාය.

views

612 Views

Comments

arrow-up