කොරෝනා රෝගීන් ගණන 122ක් වෙයි - තවත් තිදෙනෙක් සුවය ලබා පිටව යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
30

කොරෝනා රෝගීන් ගණන 122ක් වෙයි - තවත් තිදෙනෙක් සුවය ලබා පිටව යයි

කොරෝනා රෝගීන් ගණන 122ක් වෙයි - තවත් තිදෙනෙක් සුවය ලබා පිටව යයි

නව කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින් සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

 

එමෙන්ම කොරෝනා වෛරසය ආසාධිතව සිටි පුද්ගලයින් තිදෙනෙක් ඉන් පුර්ණ සුවය ලබා අද දින රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

 

මේ වන විට කොරෝනා වෛරසයෙන් සම්පුර්ණ සුවය ලැබූ පිරිස 14ක් බවයි වසංගත රෝග  විද්‍යා අංශය සඳහන් කරන්නේ.

 

මේ අතර විදෙස් රටවල සිට පැමිණෙන යුද හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වූ තවත් කණ්ඩායමක් අද (30) සිය නිවෙස් බලා පිටත්ව ගියා.

 

ඒ අනුව 132 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පිටත්ව ගොස් තිබේ.

 

මින් පුද්ගලයින් 76 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිට ඇති අතර සෙසු 56 දෙනා පූනානි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිට තිබේ.

 

ඒ අනුව මේ වන විට නිරෝධායනයට ලක්ව සිය නිවෙස් වෙත පිටත්ව ගිය සංඛාව 1565 ක් බව යුද හමුදාව සඳහන් කළේය.

 

කෙසේවෙතත් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථා‍න 41 ක පුද්ගලයින් 2096 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිටින අතර ඉන් 20 දෙනෙකු විදෙස් ජාතිකයින් බව සඳහන් වෙයි.

views

678 Views

Comments

arrow-up