කොටුව, පිටකොටුව ඇතුළු කොළඹ ගම්පහ පොලිස් බල ප්‍රදේශ 24 ක් හුදකලා කෙරේ

කොළඹ දිස්ත්‍රික්කයේ මෙතෙක් හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ 12 එම තත්ත්වය තවදුරටත් පවතින අතර, ඊට අමතරව අලුතින් පොලිස් බලප්‍රදේශ අලුයම 5 සිට අද අලුයම සිට හුදකලා කර තිබෙනවා
එම පොලිස් බලප්‍රදේශ වන්නේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ල වීදියයි.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කරනු ලැබූ ප්‍රදේශ අතරින් තවදුරටත් ජා ඇල, මීගමුව, රාගම, කඩවත, වත්තල හා පෑලියගොඩ පොලිස් බලප්‍රදේශ හා ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය පොලිස් බලප්‍රදේශයද අද අලුයම 5 සිට හුදකලා කර තිබෙනවා.
එමෙන්ම බස්නාහිර පළාතට මෙතෙක් බලපවත්වා ඇති සංචරණ සීමාවද ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 න් පසු ඉවත් කර තිබෙනවා
771 Views
Comments