කොරෝනාව මර්ධනය වන්නේනම් මුහුදට පවා බිළිවෙන්න සුදානම් - ඇමති පවිත්‍රා වන්නිආරච්චි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
03

කොරෝනාව මර්ධනය වන්නේනම් මුහුදට පවා බිළිවෙන්න සුදානම් - ඇමති පවිත්‍රා වන්නිආරච්චි

කොරෝනාව මර්ධනය වන්නේනම් මුහුදට පවා බිළිවෙන්න සුදානම් - ඇමති පවිත්‍රා වන්නිආරච්චි

ලංකාව කොරෝනා වෛරසය මර්ධනය වන්නේ නම් තමන් මුහුදට බිලිවීමට පවා සුදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.

 

සමාජ මාධ්‍යවල පළව තිබෙන ඇතැම් සටහන් සමබන්ධයෙන් අදහස් දක්වමින් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ පසුගියදා තමන් සහභාගිවූ ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් ඇතැම් අය එය උපහාසයට ගෙන තිබෙන බවයි. "මුහුණුපොතේ දාලා තියෙනවා පවිත්‍රා වන්නිආරච්චි ලංකාවේ කොවිඩ් මර්ධනය වෙන්න ඔයා මුහුදට බිලිවෙන්න කියලා..

 

ඇත්තටම එහෙම වෙනවානම් මම ඒකට ලෑස්ති" සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. කොරෝනා මර්ධනයේ දී කිසිදු අවස්ථාවක එය දේශපාලනීකරණය නොවී සෞඛ්‍ය අංශවලට මුල්තැන දී කටයුතු කරන බවයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ.

 

 

views

699 Views

Comments

arrow-up