දුරකථන අංකය ‘වෙනස් නොකර’ දුරකථන ජාලය වෙනස් කිරීමේ හැකියාව – රජයේ නව තීරණය ක්‍රියාවට නැගේ

ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන්නා වෙනස් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබේ.
පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තමන්ගේ ජංගම දුරකථන සඳහා භාවිත කරන සිම් කාඩ්පත වෙනස් කිරීමකින් තොරව සිය සේවා දායකයා පමණක් වෙනස් කිරීමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඊට අදාළ මුලික ක්‍රියාමාර්ගයන් මේ වන විටත් ආරම්භ කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව “ට්විටර්“ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
එම සටහන පහතින් වේ.
967 Views
Comments