ශ්‍රී ලංකන් පාඩු පිට පාඩු ලබයි .. සේවයකයන්ට ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්

ශ්‍රී ලංකා ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් සමාගමේ හත්දහසකට (7000) ආසන්න සේවක සේවිකාවන්ට ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජය සූදානම් වෙයි.
කොවිඩ් වයිරසය හමුවේ සමාගමේ මෙහෙයුම් අවම වීම හේතුවෙන් ආදායම අඩු වීම ගැටලුවක් බවට රජය හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් ගුවන් සමාගම 2019 වර්ෂයට පෙර පැවැති තත්ත්වයට පත්කිරීමට වසර තුනක පමණ කාලයක් ගත වනු ඇතැයි සංචාරක කටයුතු අමාත්‍යාංශය අනුමාන කරයි.
ඒ අනුව ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය හඳුන්වා දෙමින් අතිරික්ත සේවක සංඛ්‍යාව අඩුකිරීම සිදුකරයි.
මෙම විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කමිටු නිර්දේශ මත යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
මෙම ක්‍රමය යටතේ දළ වශයෙන් සේවක සේවිකාවන් 560ක් පමණ ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයෙන් විශ්‍රාම යනු ඇතැයි සංචාරක අමාත්‍යාංශය උපකල්පනය කර ඇත.
ඒ අනුව විශ්‍රාම ගැනීමට කැමැති සේවක සේවිකාවන්ට වන්දි සහ හිඟමුදල් ගෙවීමට රුපියල් බිලියන 1.5ක් වැය වන බව ඇස්තමේන්තු කර තිබේ.
690 Views
Comments