නව වෛරස ප්‍රභේදයත් සමග දිනක ආසාදිතයින් 1200 දක්වා ඉහළ යා හැකියි - GMOA

බ්‍රිතාන්‍යයේ පැතිර යන සීඝ්‍ර සම්ප්‍රේෂණයක් සහිත නව කොරෝනා වෛරස් ප්‍රභේද ය හඳුනා ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ ද ආසාදිතයින්ගේ ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ජයවර්ධනපුර රසායනාගාරය තහවුරු කරන පරිදි 50% කට වඩා වැඩි ප්‍රතිශතයකින් ව්‍යාප්තිය වැඩිවිය හැකි බවයි එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ.
මේ වන විට වාර්තා වන ආසාදිතයින් 800 ඉදිරියේ දී 1200 දක්වා දිනකට වාර්තා විය හැකි බවට ඔහු පෙන්වා දෙනවා.
මේ වන විට ප්‍රදේශ හතරකින් මෙම වෛරස් ප්‍රභේද ය හඳුනා ගෙන තිබුණද අනිත් ප්‍රදේශවල තත්ත්වය හඳුනාගෙන නොමැති බව ඔහු පවසනවා.
එම නිසා එක් රසායනාගාරයක් මත පමණක් මෙම පරීක්ෂණ සිදු කරමින් නොසිට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදීම එම අමාත්‍යාංශයේ වගකීමක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
706 Views
Comments