ජිනීවා යෝජනාවලින් රජය ඉවත්වීමේ තීරණය නිසා කොටි ඩයස්පෝරාව කැළඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

ජිනීවා යෝජනාවලින් රජය ඉවත්වීමේ තීරණය නිසා කොටි ඩයස්පෝරාව කැළඹෙයි

ජිනීවා යෝජනාවලින් රජය ඉවත්වීමේ තීරණය නිසා කොටි ඩයස්පෝරාව කැළඹෙයි

රජය ජිනීවා යෝජනාවලින් ඉවත්වීමට තීන්දු කිරීම හේතුවෙන් කොටි ඩයස්පෝරාව ප්‍රමුඛ බටහිර රටවල් 7 ක් දැඩි කලබලයට පත්ව ඇති බව වාර්තා වනවා.

 

ඩයස්පෝරාවේ කණ්ඩායමක් ඊයේ බිතාන්‍යයේ සිට ජිනීවා වෙත පැමිණ මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන් හමුවී ඇතැයි සඳහන්.

 

හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා තිහ එක ජිනීවා යොජනාවට එකඟ වූයේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේයි.

 

ඒ අනුව ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් බටහිර රටවල් 7 ක තානාපතිවරු ජිනීවාහිදී හදිසි සාකච්ඡාවක්ද පවත්වා ඇති බව වාර්තා වනවා.

 

මේ අතර රජයේ තීරණය ගැන දැනුම්දීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ලබන සතියේදී ජිනීවා යාමට නියමිතයි.

 

මෙම යෝජනාවේ කරුණු දෙකකින් රජය ඉවත්වීමට ගත් තීරණය පිළිබඳ මැසිඩෝනියා, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ යන රටවල්ද දැඩි අවධානය යොමු කර තිබෙනවා.

views

1029 Views

Comments

arrow-up