27ක් මිය ගිය වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

27ක් මිය ගිය වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ

27ක් මිය ගිය වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධියක් සම්බන්ධයෙන් වසර 10ක් තිස්සේ විභාග කෙරුණු නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා.

 

ඒ අනුව එවකට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ලමාහේවා මහතා ට මරණ දඬුවම නියම කර තිබෙනවා. සිද්ධියේදී වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වූ එවක පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කර නිදහස් කෙරුනා.

 

බන්ධනාගාරය තුළ ඇතිවූ කලබලය හේතුවෙන් එහි රඳවා සිටි බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ  27 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එනමුත් පරීක්ෂණවලදී සාක්ෂි සම්පිණ්ඩනය කරගත හැකිවූයේ මරණ 8ක් සඳහා පමණි.

views

1403 Views

Comments

arrow-up