මහ බැංකුවෙන් කොරෝනා ආසාදිතයෙක් - මහ බැංකු කටයුතු අඛණ්ඩව
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

මහ බැංකුවෙන් කොරෝනා ආසාදිතයෙක් - මහ බැංකු කටයුතු අඛණ්ඩව

මහ බැංකුවෙන් කොරෝනා ආසාදිතයෙක්  - මහ බැංකු කටයුතු අඛණ්ඩව

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ආපනශාලා සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

 

ඒ අනුව මහ බැංකුවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් ඇතුලූ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි මහ බැංකුව පැවසුවේ.

 

කෙසේවෙතත් ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලූ දෙනාම ආසාදිතයින් නොවන බවටයි තහවුරු වී ඇත්තේ.

 

කෙසේවෙතත් මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගැනීම සඳහා මග පෙන්වීමේ අරමුණින් හදිසි කි‍්‍රයාකාරී කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

 

සිය ආපනශාලා සේවකයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමග ප‍්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජේ්‍යෂ්ඨ නිලධාරීන් සියලූ දෙනා නිවසේ සිට සිය සේවා සපයන බවයි මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා අතර මහ බැංකුවේ අත්‍යාවශ්‍ය සේවා සියල්ල බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එහි සංනිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

views

672 Views

Comments

arrow-up