MAR
29
මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී අනතුරක් - දෙදෙනෙකුට තුවාල

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
ඊයේ(28) පස්වරු 7.30ට පමණ බෝ ගසේ අත්තක් කඩාවැටීමේ හේතුවෙන් මහරගම හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවිය.
එම අනතුරින් යතුරුපැදියකට, ත්‍රිරෝද රථ දෙකකට සහ මෝටර් රථයකට හානි සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට කඩා වැටුණු බෝ ගසේ අත්ත එම ස්ථානයෙන් ඉවත්කර ඇති බවය.
273 Views
Comments