චිනයේ GOOGLE වසා දමයි

චීනයේ පිහිටි සිය මෙහෙයුම් කාර්යාලය වසා දැමීමට ගූගල් සමාගම තීරණය කර තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ චීනය තුල නව කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ එම සමාගම මෙම තීරණය ගෙන ඇති බවයි. චිනයට අමතරව හොංකොන් හා තායිවානයේ පිහිටි ගූගල් කාර්යාලද ද වසා දමා ඇතැයි විදෙස් වාර්තාවල සදහන්.
ඒ අනුව එම කාර්යාලවල සේවයේ නියුතු සේවකයින්ට යලි දැනුම්දෙන තුරු සිය නිවෙස් වල සිට රාජකාරි කරන ලෙසයි ගූගල් සමාගම දැනුම් දී ඇත්තේ.
මෙ අතර චිනය බලා මෙන්ම චීනයේ සිට සිදුකරන සියලු ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට ලුෆ්තාන්සා එයාර් කැනඩා හා අමෙරිකන් එයාර්ලයින්ස් යන ගුවන් සමාගම් තීරණය කර තිබෙනවා.
බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම ඊයේ දිනයේදීම සියලු චින ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවා.
597 Views
Comments