තාවකාලිකව වැසුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යළි විවෘත කෙරේ

ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය දැනුම්දෙයි.
ඒ අනුව සැප්තැම්බර් 23 වනදා සිට නේවාසිකාගාරවල සිටින සිසුන්ට තම නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බවද ඔවුන් පවසයි.
සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉකුත් 12 වනදා සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණි.
174 Views
Comments