නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වැඩ භාරගනී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වැඩ භාරගනී

නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වැඩ භාරගනී

නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා කර්මාන්ත, ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස මෙතෙක් කටයුතු කළ කමල් අමරසිංහ මහතා පත්කර ඇත.

 

ඒ මහතා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.

 

එම පත්කිරීමට කැබිනට් අනුමැතිය ද හිමිව ඇති අතර ප්‍රවාහන හා මහමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා විසින් ඊයේ (22දා) අදාළ පත්වීම් ලිපිය නව කොමසාරිස් ජනරාල් වෙත භාර දෙන ලදී.

 

ඒ අනුව නව කොමසාරිස්වරයා ඊයේ දිනයේම එම ධුරයෙහි වැඩ භාර ගත්තේය.

 

මීට පෙර එම ධුරයෙහි සේවය කරනු ලැබූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩුව ඇති විය.

views

52 Views

Comments

arrow-up