ජනපති අපේක්ෂක අනුර කුමාරව අත්අඩංගුවට ගන්නැයි සීඅයඩීයට පැමිණිල්ලක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

ජනපති අපේක්ෂක අනුර කුමාරව අත්අඩංගුවට ගන්නැයි සීඅයඩීයට පැමිණිල්ලක්

ජනපති අපේක්ෂක අනුර කුමාරව අත්අඩංගුවට ගන්නැයි සීඅයඩීයට පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනවාර්ගික කණ්ඩායම් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි පවසමින් ඒ මහතා වහාම අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ඊයේ (11) ‘දේශප්‍රේමී ජන බලවේගය’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 

අනුර කුමාර දිසානායක මහතා පසුගියදා යාපනය උඩුප්පිඩි නගරයේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් නිදහස් සහ සාමකාමී ලෙස ජීවත්වන සිංහල, දමිළ, හා මුස්ලිම් ජනවර්ග අතර අවිශ්වාසය, අසමගිය හා වෛරය ඇතිවී ජනවාර්ගික ගැටුම් දක්වා වර්ධනයවීමේ තත්ත්වයක් නිර්මාණය විය හැකි බව, ‘දේශප්‍රේමී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙයි.

views

261 Views

Comments

arrow-up