මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 අවසන්

මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 අවසන්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සියලු ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.


මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් එස්. රත්නායක මහතා සඳහන් කළේ, ඉන් පසුව මැතිවරණය පැවැත්වෙන දින දක්වා නිහඬ කාලයක් තිබෙන බවයි.

 

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 12,985ක පැවැත්වීමට නියමිතය. ගණන් කිරීමේ මධ්‍යස්ථාන 71 ක් ස්ථාපිත ය.

 

ගණන් කිරීමේ ශාලා 2820ක් ස්ථාපිත කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ ය.

 

මෙවර මැතිවරණය සඳහා පොලීසිය ඇතුළුව රාජ්‍ය සේවකයින් ලක්ෂ තුනහමාරක් පමණ යෙදවීමට නියමිතව තිබේ.

 

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන අගෝස්තු 05 පැවැත්වීමට නියමිතය.

 

views

642 Views

Comments

arrow-up