"බුරවි" දරුණු වන ප්‍රදේශවලට ආපදා සහන මධ්‍යස්ථාන - පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකයක්

බුරවි සුළි කුණාටුව හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි ප්‍රදේශවල ජනතාව සඳහා සහන සැපයීමට අාපදා සහන මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා.
ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ආපදා සහන මධ්‍යස්ථාන 236 ස්ථාපිත කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.
එසේම යාපනය දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා ද තාවකාලික රැඳවුම් ස්ථාන සූදානම් කර ඇති බව යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියා.
සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවන කාලගුණික වෙනස් වීම ිසා දිවයිනේ ප්‍රදේශ රැසක දැඩි වර්ෂා සහිත කාලගුණික තත්වයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඇතිවන ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම් දීම සඳහා 117 විශේෂ දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි.
626 Views
Comments