ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් දුප්පත් බවට ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් දුප්පත් බවට ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් දුප්පත් බවට ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව නැවත යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද  ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ දරිද්‍රතාවයට පත්ව හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක සිටින බව ලෝක බැංකුව පවසයි.

 

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ  අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා මේ බව පැවසීය.

 

ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සෑම කෙනෙකුටම බලපාන සහ  විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහා, රැකියා නිර්මාණය කරන සහ දුප්පතුන්ට සහාය වන ප්‍රතිපත්ති කෙරෙහි ශ්‍රී ලංකාවට අවධානය යොමු කළ හැකි බව ද ලෝක බැංකුවේ ද්විවාර්ෂික ‘Sri Lanka Development Update’ නම්  වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මහතා සඳහන් කරයි.

 

“Stay on Track” යන මාතෘකාවෙන් නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් ධනාත්මක ආර්ථික වර්ධනය සහ මූල්‍ය කාර්ය සාධනය තිබියදීත්, ශ්‍රී ලංකාව හමුවේ සැලකිය යුතු අභියෝග තවමත් පවතින බව ඉස්මතු කරන බව ද අවධාරණය කර ඇත.

views

195 Views

Comments

arrow-up