AUG
15
ජනාධිපති අපේක්ෂකකම දෙන්න ජනක රත්නායකගෙන් අල්ලස් ඉල්ලූ පිරිසකට වැඩ වරදියි

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් තමාගෙන් ඉල්ලා සිටියේය යැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා කළ පැමිණිල්ලකට අනුව එම පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ඊයේ(14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඊයේ(14) පෙරවරුවේ ජනක රත්නායක මහතා ඇප මුදල් ද තැන්පත් කළේය.
215 Views
Comments