දිග්ගැස්සුණු පවුල් ආරවුලෙන් සැමියා අතින් බිරිඳ අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

දිග්ගැස්සුණු පවුල් ආරවුලෙන් සැමියා අතින් බිරිඳ අවසන් ගමන් යයි

දිග්ගැස්සුණු පවුල් ආරවුලෙන් සැමියා අතින් බිරිඳ අවසන් ගමන් යයි

අළුත්ගම පොලිස් වසමේ කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

 

මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 42ක් වූ කුරුඳුවත්ත දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

ඝානයයෙන් පසු මරණකාරියගේ සැමියා ඝාතනයට ලක් කිරීමට යොදා ගත් ආයුධය සමගින් පොලීසියට පැමිණ භාර වී ඇති බව පොලීසිය පවසයි.

 

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මරණකාරියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය විසින් සිදුකරනු ලැබූ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 45ක් වූ කුරුඳුවත්ත, දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සිද්ධිය සම්බන්ධව අළුත්ම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

views

79 Views

Comments

arrow-up