වසර 42කට පසු රනිල් වික්‍රමසිංහට මන්ත්‍රිධුරය අහිමි වෙයි

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ජන්ද ප්‍රථිපලය මේ වන විට නිකුත් වී තිබෙනවා.
එම ජන්ද ප්‍රථිපලය අනුව වසර 42ක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හට පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් හිමිකර ගැනීමට හැකිව නැහැ.
කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 674,603 ක් ලබා ගෙන තිබෙනවා.
සමගී ජනබල වේගය ජන්ද 387,145ක් ලබා ගෙන දෙවන ස්ථානයේ පසුවන අතර ජාතික ජනබල වේගය ජන්ද 67,600ක් ලබා ගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගෙන ඇත්තේ ජන්ද 30,875 ක් පමණයි.
927 Views
Comments