වැලිකඩ ඝාතනයට රංගජීව නිදොස් කොට නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

වැලිකඩ ඝාතනයට රංගජීව නිදොස් කොට නිදහස්

වැලිකඩ ඝාතනයට රංගජීව නිදොස් කොට නිදහස්

2012 වසරේ නොවැම්බර් මස 9 දින වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනෙකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නෙවමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව පසුගිය 2019 වසරේ නඩු පවරනු ලැබූවා.

 

 

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියොමාල් රංගජීව යන අයව නිදොස් කොට නිදහස් කළ අතර හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා හට මරණ දඩුවම නියම කරනු ලැබූවා.

views

486 Views

Comments

arrow-up