නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් ඉවත් වන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් ඉවත් වන්න

 නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් ඉවත් වන්න

නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර හා නාවික ප‍්‍රජාවට අවවාද කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

දැනට මුහුදු ප‍්‍රදේශවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 

 

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 12 තුළ එම ප‍්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්.

 

එම පීඩන අවපාතය හෙට දිනය වන විට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය තුළදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය විය හැකි අතර එය 17 වන දින දක්වා වයඹ දෙසටත් ඉන් අනතුරුව 18, 20 යන දිනයන්හි උතුරට බරව ඊසාන දෙසට හැරී උතුරු බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශ වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.  

views

760 Views

Comments

arrow-up