ගාලු කොටුවේ ප්‍රධාන දොරටුව මාසයක් වැසේ

ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවෙ ප්‍රධාන දොරටුව සංරක්ෂණය කිරීම වෙනුවෙන් මේ මස 28 වැනි දින රාත්‍රී 12 සිට පුරා මාසයක් එම ස්ථානය මහ ජනතාවට සහ කොටුවට පිවිසෙන වාහන වෙනුවෙන් වසා තැබෙන බව උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ගාල්ල කොටුව සංරක්ෂණ කටයුතු භාර ප්‍රධාන උපදේශක නිලාන් කුරේ මහතා පවසනවා
1873 බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකළ මෙම ප්‍රධාන කොටු දොරටුව ඉදිකිරීමෙන් පසුව මෙම කොටු දොරකඩ කිසිම සංරක්ෂණයක් කර නොමැත ප්‍රධාන දොරටුව අලුත් වැඩියා කරන කාල සීමාව තුළ ගාල්ල කොටුවට පිවිසෙන ජනතාවට සහ වාහන වලට ගාල්ල බාලදක්ෂ මාවතේ පිහිටි පැරණි කොටු දොරකොඩ භාවිතා කිරීමට හැකියාව පවතී.
669 Views
Comments