ඇදිරිනීතිය ඉවත් කළත් ස්වයං නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් නැහැ – ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

ඇදිරිනීතිය ඉවත් කළත් ස්වයං නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් නැහැ – ජනපති

ඇදිරිනීතිය ඉවත් කළත් ස්වයං නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් නැහැ – ජනපති

ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු ඇති අතර ඔවුන්ගේ සංඛ්‍යාව දිවයින පුරා නිවාස 31,457ක 84,000කට ආසන්න බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙක් නිරෝධායනය වෙති. නිරෝධායනය වෙමින් සිටින පිරිස ඇඳිරිනීතිය ඉවත්කළ පසුව ද විධිමත්ව අධීක්ෂණය කළයුතු බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

 

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය අද(05) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම උපදෙස් දෙනු ලැබිය.

 

ආසාදිතයන් සමාජයෙන් හමුවුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳ ව විශේෂ අවධානය යොමුකළ යුතු බවත් අවශ්‍ය වුවහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුනි.

 

වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන්කරන ලොරි රථ සඳහා ඇඳිරිනීති බලපත්‍ර අවශ්‍ය නොවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

 

 

 

views

796 Views

Comments

arrow-up